කොරෝනා පරීක්‍ෂාවට ගෙන ගිය බන්ධනාගාර රැදවියා 08 වන මහලින් වැටී මියයයි…

කොරෝනා පරීක්‍ෂාවට ගෙන ගිය බන්ධනාගාර රැදවියා 08 වන මහලින් වැටී මියයයි…

කොරෝනා පරීක්ෂාව සඳහා මීගමු රෝහලට ඇතුළත් කරන ලද බන්ධනාගාර රැදවියෙකු වූ එහි අට වන මහලෙන් වැටී මරණයට පත් වී තිබේ.

මීගමු බන්ධනාගාරයේ සිටි මෙම රැුදවියාට කොරෝනා දැයි පරික්ෂා කිරීම සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී ඔහු ඊයේ මධ්‍යම රාත්‍රියේ අතුරුදහන් වීමෙන් පසු සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ ඔහු බිම වැටී මියගොස් ඇති බවයි.

මෙසේ මිය පුද්ගලයා වයස අවුරුදු 34 ක් පමණ පුද්ගලයෙකි.

ඔහුගේ කොරෝනා පරීක්ෂාවේ ප්‍රතිඵල අද දිනයේ ලැබීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *