ගිරිබාව ප්‍රදේශයේ පවුල් 17 කට අයත් පුද්ගලයන් 47 දෙනෙකු ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු කර තිබේ.
රාජාංගනය ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගී පිරිසක් හා එසේ සහභාගී වූ අය ඇසුරු කළ පිරිසක් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කළ ගිරිබාව පොලිසිය සඳහන් කරයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ උපදේශකවරයෙකු කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගත් ගෙන ඇති අතර ඔහු මෙම ප්‍රදේශයේ එම අවමගුල් උත්සවයට සහභාගි වීම හේතුවෙන් මෙසේ පියවර ගෙන ඇත.