Sajith pramadhasa – news lanka

Sajith pramadhasa – news lanka

මං අගමැති වුණාම 4% ණය අරගෙන ජනතාව අතරට ඇවිත් මගෙ අතින්ම බෙදනවා

සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධවු සමගි ජනබලවේගයේ මාතලේ දිසාවෙන් තරග කරණ අපෙක්ෂකයින්ට සහය දක්වන ජන රැලියක් දඹුල්ල ගම් උදාව ක්‍රිඩාංගයේදි පැවැත්විණි.

මාතලේ දිසාවෙන් සමගි ජනබලවේගයට තරගකරණ හිටපු එජාප මංත්‍රින්වු රංජිත් අළුවිහාරේ වසන්ත අළුවිහාරේ රොහිනි කවිරත්න, ආර් දයානන්දසිරි, තිස්ස බංඩාර හේරත් ඇතුලු අපේක්ෂකයින්ගේ සහයට මෙම ජන හමුව දඹුල්ල සංවිධායක යු දායානන්දසිරි මහතා හා තිස්ස බංඩාර හේරත් මහත්වරුන් විසින් සංවිධානය කර තිබුණි.

එහි පැමිණි සමගි ජනබල ‍ේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් පැවසුවේ තමා බලයට ආවාම මෙම ආණ්ඩුව ජනතාවට දෙනවා කියා නොදුන් සහන ලෙසින් අගමැති වුවාට පසු ජනතාව අතරටම ඇවිත් ණය 4%ක සහන පොලි සහණ ණයක් විදියට ජනතාව අතටම ලබා දෙන බව පැවැසිය,

කොරොනා සමයේ ජනතාවට විදුලි බිලෙන් සහනයක් ලබා දෙන බව ඇමැතිවරුන් පැවැසුවද මාර්තු හා අප්‍රේල් මාස වල බිල් ඒ ආකාරයෙන්ම ලැබුණු බව ජනතාව අත් උස්සා ප්‍රකාශ කලේය.

එම මාර්තු අප්‍රේල් විදු බිල් කපා හරින බවත් ගෙවා ඇති අයට නැවැත ආපසු ලබා දෙන බවද පැවැසිය

ආණඩුව වැඩ බැරි ආණ්ඩුවක් බවත් ජනතා සහන දෙන්න බැරි ආණ්ඩුව ගෙදර යවලා ජනසවියෙන් ජනබලයෙන් පොදුජන ආණ්ඩුවක් බිහිකරණ බව පැවසිය.

කොරොනා මුල් සමයේ පොහොට්ටුවේ ප්‍රාදේශිය ලොක්කෝ එළවලු බිස්නස් කරමින් ගොවිජනතාව ප්‍රාරි බෝගික ජනතාව සුරා කෑබවත් ඒ පිලිබදව පරික්ෂණයක් පවත්වන බව පැවසිය

බලයට ඇවිත් පැය 24ක් ඇතුලත ඉන්දන මිල අඩු කරණබවත් වැවසිය

ආර්ථික දුෂ්කරතා සහිත ජනතාවට රුපියල් 20000/= මුදලක් ලබා දෙනබවත් ඒය දේශපාලන කුහකයෝ විවේචනය කරණ බවත් විවේචන කරන එක ප්‍රජාතංත්‍රවාදි අයිතියක් බවත් කොතරම් විවේචන කලත් රුපියල් 20000/= මුචල සහනාධාරයක් ලබා දෙන බව පැවසිය

– මහින්ද උදයසිරි රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *