මේ වන විට මුළු දිවයිනේම අවසන් ඡන්ද ප්රතිඵල නිකුත් වී තිබෙනවා.
ඒ අනුව ඉතිහාසයේ අළුත් වාර්තාවක් සටහන් කරමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,693 ක් ලබා ගනිමින් සමස්ථයක් වශයෙන් 59.09%ක ඡන්ද ප්රතිශතයක් ලබා ගනිමින්
පාර්ලිමේන්තු ආසන 128ක් හිමි කරගෙන අති විශිෂ්ඨ ජයග්රහණයක් ලබාගෙන තිබෙනවා ඊට අමතරව සමඟි ජන බලවේගය ඡන්ද 2,771,984 ක් ලබා ගනිමින් ප්රතිශතයක් ලෙස 23.9ක් ලබා ගෙන තිබෙන අතර ඔවුන්ට පාර්ලිමේන්තු ආසන 47ක් හිමිවී තිබෙනවා.
ජාතික ජන බලවේගය ඡන්ද 445,958ක් ලබා ගනිමින් පාර්ලිමේන්තු ආසන 2ක් ලබාගෙන තිබෙනව.
ඉලංගෛයි තමිල් අරුසුකච්චි පක්ෂය ඡන්ද 327,168ක් ලබාගෙන තිබෙන අතර ඔවුන් පාර්ලිමේන්තු ආසන 9ක් දිනාගෙන තිබෙනවා.කෙසේ වෙතත් ලබන 9වන දා
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙන බවට ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා