පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ නෑ

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ නෑ

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබු පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 දී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (07) නිවේදනය කළේය.

ඒ අනුව එළඹෙන වසරේදී ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙන්නේ ඉන්දියාවේදිය.

මේ තීරණය හේතුවෙන් 2021 වසරේදී පැවැත්වීමට නියමිතව තිබු එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසරේ පෙබරවාරි දක්වා කල් දමා තිබේ.

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2023 දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද ඉන්දියාව සත්කාරකත්වය ලබා දෙනු ඇති බවය. 

2021දී විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාත් 2023 දී එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාත් ඉන්දියාව සත්කාරකත්වය ලබාදෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *