අභිරහස් ලෙස මියගිය අංගොඩ ලොක්කා මියගිය ඇත්තම හේතුව එළියට එයි පෙම්වතීය වසදුන් කතාව බොරුවක් වෙයි

අභිරහස් ලෙස මියගිය අංගොඩ ලොක්කා මියගිය ඇත්තම හේතුව එළියට එයි පෙම්වතීය වසදුන් කතාව බොරුවක් වෙයි

ද හිංදු පුවත්පත ඉන්දීය කොයිම්බතූර් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කර තිබෙන්නේ ශ්‍රී

ලංකාවෙන් පැනගොස් ප්‍රදීප් සිං යන ව්‍යාජ නාමයෙන් ඉංදියාවේ ජීවත් වූ සංවිදානාත්මක අපරාද කාල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නොහොත් ලසන්ත චන්දන පෙරේරා කොයිම්බතූර්හීදී මියගොස් ඇත්තේ හෘදයා බාදයකින් බව.


පශ්චාත් මරණ පරීක්ශන වාර්තාව පදනම් කර ගනිමින් එම නිලදාරියා මෙම ප්‍රකාශය කර තිබෙනවා.


කොයිම්බතූර්හී බාලාජි නගර් අසල කුලී පදනම මත ලබා ගත් නිවසක ලොක්කා සමග සිටි අමානි තාංජි නම් ශ්‍රී ලාංකික කාන්තාවගේ ප්‍රකාශයට අනුව ජුනි මස 03න් වනදා රාත්ත්‍රියේ ඔහුට පපුවෙ වේදනාවක් ඇති වී තිබෙනවා.


අංගොඩ ලොක්කාගේ මිතුරියන් වන තාංජි සහ සිවකාමිසුන්දරී පළමු මරණ පරීකශනයෙන් පසුව ජුලි මස 05ස් වනදා අංගොඩ ලොක්කාගේ දේහය මදුරෙයි වෙත රැගෙන ගොස් ආදාහනය කර ඔහුගේ අවසන් කටයුතු සිදු කර ඇති බවද සදහන්.


මෙම සිද්දිය සහ අංගොඩ ලොක්කාගේ මරණය, වැරදි කරුට රැකවරනය සැපයීම, ව‍යාජ ලියකියවිලි සැකසීම, අපරාද සැලසුම් කිරීම යන චෝදනා හේතුවෙන් තාංජි සහ සිවකාමි සුන්දරී යන කාන්තාවන් දෙදෙනාත් සමග තවත් තිදෙනෙකු ඉංදීය පොලීසිය මගින් අඩංගුවට ගෙන තිබෙනවා.
අගෝස්තු මස 02දා මොවුන් අත් අඩංගුවට ගෙන ඇති බවද සදහන්.


පරීක්ශණ වලදී හෙලි වී තිනෙන්නේ ලොක්කා සතුව පිස්තෝලයක් තිබී ඇති අතර එම පිස්තෝලය ලොක්කාගේ මරණයෙන් පසුව මදුරෙයි සිටි ලාංකික තරුණයෙකුට බාර දී ඇති බව.


එම සැකකාර තරුණයා සොයා ඉංදීය පොලීසිය පරීක්ශන ආරම්බ කර ඇති බවද සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *