ගිනිගැනීමට ලක් වූ ඩයමන්ඩ් නැවෙහි කපිතාන්වරයා කෙළවෙයි

ගිනිගැනීමට ලක් වූ ඩයමන්ඩ් නැවෙහි කපිතාන්වරයා කෙළවෙයි

ගිනිගැනීමට ලක් වූ ඩයමන්ඩ් නැවෙහි කපිතාන්වරයා හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම මස 28 වන දින පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ එම සිදුවීමට අදාලව කරුණු දැක්වූ අවස්ථාවේ අතිරේක මහේස්ත්‍රත්වරයා එම නැවේ කපිතාන්වරයා සැකකරුවෙක් ලෙස නම්කොට අධිකරණය හමුවට පමුණුවන ලෙස නියෝග කර සිටියා.


මෙම මස 03 වනදා නැව ගිනිගැනීමට ලක්වූ අතර එහිදී අදාල කපිතාන්වරයා විධිමත් සන්නිවේදනයක්ද සිදුකර නොමැති බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.


එම අවස්ථාවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා තිබෙන්නේ අදාල කපිතාන්වරයා නැවෙහි ගින්න නිවීම සඳහා කිසිඳු විධිමත් උත්සාහයක් නොදරා ඇති බවයි.


එම්.ටී, නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට මේ වනවිට අවුරුදු 60ක් වන බවත් එම අවුරුදු 60න් අවුරුදු 20ක්ම කපිතාන්වරයෙකු ලෙස සේවය කර ඇති බවත් වාර්තා වනවා.එලෙසින්ම එම කපිතාන්වරයා මෙම නෞකාව අයත් සමාගමේ සේවයට බැඳී ගමන්ගත් මංගල ගමන් වාරය මෙය බවද පැවසෙනවා.
එලෙසම නැවේ කපිතාන්වරයා ඇතුළු කාර්යමණ්ඩලයේ කිසිවෙකුත් මෙම සිදුවීමට අදාල පරීක්ධණවලට සහාය ලබා දී නොමැති බවටහ් පීරිස් මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *