මෙන්න අද දවසේ විශේෂ කාලගුන නිවේදනය වැසි තත්ත්වයේ වැඩි වීමක් සැවොම දැනුවත් වෙන්න

මෙන්න අද දවසේ විශේෂ කාලගුන නිවේදනය වැසි තත්ත්වයේ වැඩි වීමක් සැවොම දැනුවත් වෙන්න

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම යන පලාත්වලත් ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.උතුරු මැද පලාතේද විටින් විට මද වැසි ඇතිවිය හැකියි.

ඌව පලාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ අද දින සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකියි.

විශේෂයෙන්ම වයඹ, උතුර, උතුරු මැද යන පලාත්වලට මෙන්ම හම්බන්තොට, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර අගයක් ගනු ඇති.

දිවයින හරහා හමන සුළඟේ වේගය සහ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය 2020-09-18 වන අද දිනයේ සිට 2020-09-21 වන දිනය දක්වා වැඩිවීමක් දක්නට ලැබෙන බවද නිවේදනයේ සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *