අද වනවිට ජීවන වියදම් ඉහල ගොස් ඇති නිසා එදිනෙදා උපයා ගන්නා මුදලින් කුසගින්න නිවා ගන්න මිනිසුන් ඉතා අසීරුවෙන් දිවි ගෙවන බව සමගි
ජනබලවේගයේ පාර්ලි මේන්තු මන්ත්‍රී හර්ෂන කරුනානායක මහතා සදහන් කරනව.අද වන විට පොල් ගෙඩියක මිල රුපියල් 100ක් හාල් කිලෝවක මිල 130ක් සහ සීනි කිලෝවක මිල රුපියල් 150ක් දක්වා ඉහල ගොස් ඇති බවද
හර්ශන මහතා පවසා සිටියා. ආන්ඩුව බලයට පැමිනීමට පෙර පොරොන්දු වූ සහන මල්ල ලබා දෙන මෙන් ඔහු රජයෙන් ඉල්ලීමක්ද කලා.ඔහු මෙම අදහස් ඵල කර තිබුනෙ සමගි ජනබලවේග මූලස්තානයේ පැවති මාද්‍ය හමුවකදී.
රට තුල නිශ්පාදනය කර ගත හැකි සියලු දේ වැඩි වැඩියෙන් නිශ්පාදනය කිරීම තුලින් පමනක් බාන්ඩ මිල ඉහල යාමට නොදී පාලනය කර ගැනීමට හැකි බව වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්දන මහතා සදහන් කලා.
බඩු මිල අඩු කිරීමට බොරු මවාපාන විසදුම් නොමැති බවදඔහු පවසා සිටියා.