ඔක්තෝම්බර් මස 31 වන දින සියදිවි හානි කරගෙන පානදුර රෝහලට ඇතුළත් කල 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා.
මියගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේම පදිංචි පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණය වාර්තා කර තිබුණේ සියදිවි නසා ගැනීම හේතුවෙන් සිදු වූ මරණයක් ලෙසටයි.
කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශය එය 22 වන කොරෝනා රෝගී මරණය ලෙස වාර්තා කරනු ලැබුවා.
එම පුද්ගලයා ආගිය තැන් සහ ඇසුරු කල පුද්ගලයන් මෙතෙක් සොයාගෙන නොමැත. https://youtu.be/S5cro97F-SA