රට යළිත් සතියක් පුරාවට වසා දමයිද?

රට යළිත් සතියක් පුරාවට වසා දමයිද?

රට සතියක් පුරාවට වසා දැමීමට ඊයේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී යෝජනා වූ බවත් මහජනතාවගේ එදිනෙදා කටයුතු මෙන්ම ආර්ථිකයද අකර්මන්‍ය වන බැවින් එසේ නොකරන ලෙස ජනාධිපතිතුමන් තමන්ට දැනුම් දුන් බවත් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම හැකි සෑම විටම මහජනතාවට කරදරයක් හිරිහැරයක් නොවන ලෙසින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

කොරෝනා වැඩිම අවදානමක් ඇති බස්නාහිර පලාතට සහ තවත් ප්‍රදේශ කිහිපයකට පමණක් ඊයේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට හේතුව එය බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියා.

එලෙසම අත්‍යාවශ්‍ය උවමනාවකට හැර බාහිර සමාජයට නොපැමිණෙන ලෙසත් සියළු දෙනාම නිවෙස්වලට වී රැඳී සිටිමින් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ වලට සහයෝගය ලබා දෙන ලෙසටත් යුධ හමුදාපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *