කොවිඩ්-19 වසංගතයත් සමඟින් අභියෝගාත්මක ලෙස පැවැත්වුණු අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය ඊයේ දිනයෙන් සාර්ථක ලෙස නිමාවට පත් වුණා.දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648කදී සිසුන් 362,824ක් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා.
මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට දැඩි බාධා එල්ල වුණු අතර නිරෝධායනය වෙමින් සිටි සිසුන් 568ක්ද විභාගයට සාර්ථකව මුහුණ දුන්නා.නිරෝධායනය වෙමින් සිටි සිසුන් සඳහා විභාගය පැවැත්වීමට සහයෝගය දුන් විභාග ශාලා නිලධාරීන්ටත් ඒ සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් සියළුම දෙනාටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂයෙන් ස්තූතිය පුද කර සිටියා.