යුනියන් පෙදෙසේ කීල්ස් වෙළඳසැලේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

යුනියන් පෙදෙසේ කීල්ස් වෙළඳසැලේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

මෙරට ප්‍රමුඛ පෙලේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන Keells ආයතනයේ Union Place වෙළඳසැලේ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.එය හඳුනාගත් වහාම අදාල වෙළඳසැල වසා දමා විෂබීජහරණයට යොමුකර තිබෙනවා.

අදාල කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනා මේ වන විට නිරෝධායනය සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගනිමින් ඔවුන්වද නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.

අදාල වෙළඳසැල විෂබීජහරණය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව නැවත විවෘත කිරීම සිදුකරන බව Keells ආයතනය සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *