පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.ඒ රෝයල් පාක් මිනීමැරුම සම්බන්ධයෙන්.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රෝයල් පාක් මිනීමැරුමේ මිනීමරුවා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට රුපියල් කෝටි 5ක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවත් ඊට හවුල් වෙමින් අතුරලියේ රතන හිමිද රුපියල් කෝටි 3ක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවත් හිරෙන් නිදහස් වූ වහාම අදාල මිනීමරුවා මෙරටින් පැන ගොස් විදෙස් රටක සැඟවී සිටින බවත් මාධ්‍ය හමුවක් කැඳවමින් රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.