යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ ඊයේ බිම් බෝම්බයක් පුපුරා ගොස් පුද්ගලයෙක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව චාවකච්චේරි පොලීසිය සඳහන් කලා.
අදාල පුද්ගලයා ඔහුගේ හරක් රංචුව බැඳීම සඳහා කැලෑබද ප්‍රදේශයකට ගොස් තිබෙන අතර ඔහුට බිම් බෝම්බය පෑගී තිබෙනවා.ඔහු ගසකට මුවා වනවාත් සමගම එය පිපිරී ඇති බවටත් පිපිරීමෙන් ඔහුගේ පාදවලට පමණක් හානි සිදුවී ඇති බවටත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවටත් චාවකච්චේරි පොලීසිය පවසා සිටියා.