කොරෝනා තවත් ජීවිත දෙකක් බිලි ගනී.. එකතුව 48ක් වෙයි..

කොරෝනා තවත් ජීවිත දෙකක් බිලි ගනී.. එකතුව 48ක් වෙයි..

මෙරට 48වන කොරෝනා රෝගී මරණය වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ කොරෝනා රෝගය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වනවා.

මියගොස් ඇති එක් පුද්ගලයෙකු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා රෝගය සමග නිදන්ගත පෙනහළු රෝගය උත්සන්න වීම නිසා ඔහු මිය ගොස් ඇති බවත් 45 හැවිරිදි අනෙක් පුද්ගලයා කොරෝනා රෝගය උත්සන්න වීම නිසා නිව්මෝනියා ඇතිවීම හේතුවෙන් මියගොස් ඇති බව සඳහන් වනවා.

මේ වන විට 15,350ක් කොරෝනා රෝගීන් වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *