PCR පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලමින් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් පිරිසක් එක්ව වහලයක් මත කල උපවාසය නිම කර තිබෙනවා.මේ වන විට බන්ධනාගාර ආශ්රිතව කොරෝනා ආසාදිතයින් 158ක් හඳුනාගෙන තිබෙන අතර ඒ අතර බන්ධනාගාර නියාමකවරුන් 3න් දෙනෙක්ද සිටිනවා.
මේ වන විට බන්ධනාගාර අශ්රිතව PCR පරීක්ෂණ 9500ක් පමණ සිදු කර තිබෙන බවත් අද දින පැරණි බොගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් සිදුකල විරෝධතාවය නිරෝධායන නීතිවලට පටහැනිව සිදුකර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.