උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, උතුරු පලාත යන පලාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැකි බවත් අනෙකුත් ප්‍රදේශවලට අද දින සවස 2:00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම සබරගමු පලාතට, මාතර දිස්ත්‍රික්කයට, ගාල්ල දිස්ත්‍රික්කයට මි.මි.100 ඉක්මවන තද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.
ගිගුරුම් සහිත වැසි හට ගන්නා අවස්ථාවල දැඩි සුළං ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සහ සුළං හටගන්නා අවස්ථාවලදී සිදුවන අනතුරු අවමකරගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කලා.