අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ තද වැසි – අද(2020-11-15) කාලගුණ වාර්තාව මෙන්න

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ තද වැසි – අද(2020-11-15) කාලගුණ වාර්තාව මෙන්න

අද දිනයේ නැගෙනහිර පලාතේ සහ උතුරු පලාතේ වැසි ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2:00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.

වයඹ පලාත, බස්නාහිර පලාත, සබරගමු පලාත යන පලාත්වලටත් මාතර දිස්ත්‍රික්කය ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක වලටත් අද දිනයේත් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බවට ද සඳහන් වනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් අකුණුවලින් සහ තද සුළං වලින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *