කොරෝනා ව්‍යාප්තියේ වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ නගර සභ බල ප්‍රදේශය තුල බවත් එලෙසම කොළඹ නගර සභා බල ප්‍රදේශය ආසන්න අනෙකුත් ප්‍රදේශ එම අවදානමේම තිබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
දිවයිනේ සමස්ථයක් ලෙසින් ගත් කල වැඩිම අවදානමක් ඇත්තේ බස්නාහිර පලාත තුළ බවත් එබැවින් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කලද බස්නාහිර පලාතේ පදිංචිකරුවන් නිවෙස් තුළටම වී සිටිමින් තම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් වෛද්‍යවරයා පවසා සිටියා.