කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහල ගොස් තිබෙනවා.අද දින තවත් මරණ 5ක් වාර්තා වීමත් සමඟ මෙසේ මරණ සංඛ්‍යාව ඉහල ගියා.
දෙමටගොඩ පදිංචි 82 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා සමඟ දියවැඩියා රෝගයේ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවත්, කිරුළපන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් අධික රුධිර පීඩනය, දියවැඩියාව සමඟ කොරෝනා වැළඳීම හේතුවෙන් නිවසක් තුලදීම මියගොස් තිබෙනවා.
රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්ද නිවස තුලම මියගොස් තිබෙනවා.දියවැඩියාව, අධික රුධිර පීඩනය සමඟ කොරෝනා ආසාදනය වීම ඇයගේ මරණයට හේතුවයි.81ක් හැවිරිදි කොළඹ පදිංචි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබෙන අතර කොරෝනා ආසාදනය වීමෙන් නිව්මෝනියා තත්ත්වය ඇති වීම හේතුවෙන් ඇය මියගොස් තිබෙනවා.කොළඹ පදිංචි 65 හැවිරිදි තවත් පුද්ගලයෙකු අධික රුධිර පීඩනය සමඟ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.