පෙරේදා දිනයේදී සුඛෝපබෝගී ජීප් රථයක් පැද යමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන මෝටර් රථ අලෙවිසලකට හානි කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය සහ එම වාහනයේ හිමිකරු ඊයේ පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.ඔවුන් මෙසේ මුදා හැර තිබෙන්නේ ඊයේ අලුත්කඩේ උසාවිය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදීය.
එයට හේතුව ලෙස පොලීසිය දක්වා තිබෙන්නේ පවතින කොරෝනා වසංගතය හමුවේ ඔවුන් ඇප මත මුදා හරින බවත් පසුව අධිකරණය වෙත කැඳවන බවත්ය.
කෙසේ වෙතත් මෙවන් සිදුවීමක් සාමාන්‍ය පුද්ගලයෙකුට වූවා නම් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේය.