අද දිනයේ කොරෝනා මරණ 3ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
70 හැවිරිදි කඳානේ පදිංචි පුද්ගලයෙක් නිවස තුලම මියගොස් තිබේ.දියවැඩියා රෝගයේ සංකූලතා සහ කොරෝනා ආසාදනය වීම ඔහුගේ මරණයට හේතුවයි.කොළඹ 12 පදිංචිව සිට තිබෙන 48 හැවිරිදි පුද්ගලයෙකුද නිවස තුලදීම මියගොස් තිබෙනවා.ඔහුගේ මරණයට හේතුව වන්නේ දියවැඩියාව උත්සන්න වීම සහ කොරෝනා ආසාදනය වීමයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්ද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.අධික රුධිර පීඩනය, දියවැඩියාව සමඟ කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු දුර්වල වීම නිසා එම කාන්තාව මියගොස් තිබෙනවා.
මේ වනවිට සමස්ථ කොරෝනා මරණ 69ක් වාර්තා වී තිබෙන අතර කොරෝනා රෝගීන් 18,400ක් මේ වනවිට හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කලා.