කොරෝනා LPL ආක්‍රමණය කරයි

කොරෝනා LPL ආක්‍රමණය කරයි

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ Colombo Kings කණ්ඩායමේ පුහුණුකරු වන එංග්ලන්තයේ කබීර් අලී මහතාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.මේ හේතුවෙන් ඔහුට මෙම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවන අතර බොහෝ සෙයි එම තනතුරට ඩේව් වට්මෝර් මහතා කැඳවනු ඇති බවට මත පල වනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.ඔහු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සේවකයෙක් වන අතර කොළඹ නගර සභා සීමාවේ පදිංචි පුද්ගලයෙකි.මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දැඩි සේ කලබලයට පත්ව ඇති බවට සඳහන් වේ.

ඒ හේතුවෙන් පල්ලෙකැලේ පුහුණු වෙමින් සිටින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නිලධාරීන් 3ක් සමඟ තවත් පුද්ගලයෙක් හෝටලයක නිරෝධායනයට ලක් කර තිබෙනවා.මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගය සඳහා යාමට සිටි සේවකයෙක් බවත් සේවයට එක් වීමට පෙර කරන ලද PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *