අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අග්‍ර මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ආදාහන උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 22වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ වන විට අග්‍ර මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය මැණික්හින්න , හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ මහජනතාවට ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තිබෙනවා.
උන් වහන්සේගේ ශ්‍රී දේහය සඳහා අවසන් ගෞරව දැක්වීමට වැල නොකැඩී විශාල ජනගඟක් පැමිණෙමින් සිටින අතර සියළුම ක්රිපා පටිපාටීන් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සිදුකරන බව වාර්තා වනවා.
දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පලාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබුණේ උන් වහන්සේගේ අපවත් වීම දේශයට විශාල පාඩුවක් බවයි.