මිනිසුන් අතර සීඝ්රයෙන් ව්‍යාප්ත විය හැකි චැපර් නම් වූ භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා.
ඉබෝලා වෛරසයට බෙහෙවින් සමානකම් දක්වන චැපර් ලෙස හඳුන්වන මෙම නව වෛරසය බොලිවියාවේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වැළඳී තිබියදී හඳුනාගෙන තිබෙනවා.
මින් පෙරද 2004 වර්ෂයේදීත් බොලීවියාවේ මෙම වෛරසය ආසාදනය වී පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තිබෙනවා.මීයන්ගෙන් පැතිරෙන මෙම වෛරසය මිනිසුන් අතර වේගයෙන් පැතිරිය හැකි බවත් එය එසේ පැතිරුණහොත් කොරෝනා වෛරසයට වඩා ලෝකයට බලපෑමක් එල්ල කරන බවත් ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කලා.