කොරෝනා සුව වී PCR පරීක්ෂණයකින් තොරව ගෙදර ආ අයෙකුට යළි කොරෝනා

කොරෝනා සුව වී PCR පරීක්ෂණයකින් තොරව ගෙදර ආ අයෙකුට යළි කොරෝනා

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් විදෙස්ගතව සිට පසුගිය 13 වනදා මෙරටට පැමිණි පුද්ගලයෙකුට එක්වරක් කොරෙනා ආසාදනය වී නිවස වෙත ගොස් දින කිහිපයකට පසුව යළි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

පසුගිය 13 වනදා විදෙස්ගතව සිට පැමිණ පසුගිය 25 වනදා සිදුකල PCR පරීක්ෂණයකදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට ප්‍රථම වරට හඳුනාගෙන තිබුණා.

ඉන් පසුව ඔහුට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව දින 14කට පසුව නිවස වෙත එවීමට පෙර ප්cර් පරීක්ෂණයක් සිදු නොකර ඔහුව නිවස වෙත් පිටත් කර තිබෙනවා.පසුව සිය නිවසේඩී ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ඔහුට අසනීප තත්ත්වයක් හේතුවෙන් යළි PCR පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ ඔහුට යළි කොරෝනා ආසාදනය වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *