පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.ඒ අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් යන අයද හසු වී තිබුණි.
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ තවත් 4ක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත අද මඩකලපුව මහාධිකරණය විසින් නිදහස් කර තිබුණා.