විවිධ පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින්, බොරු ප්‍රචාරයන් ගෙන යන රජයේ ලියාපදිංචි කර නොමැති වෙබ් අඩෙවි කිහිපයක් ඇති බවත් ඒවාට ගන්න ක්‍රියාමාර්ගයන් ගැන මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබෙනවා.
බොහෝ දුරට එම වෙබ් අඩෙවි තහනම් කරන බවත් රජය එම ක්‍රියාමාර්ග ගන්නේ රජයේ ආරක්ෂාවට නොව මහජනයාගේ ආරක්ෂාවට බවත් ඔහු මාධ්‍ය හමුවේ වැඩි දුරටත් අදහස් පළ කරමින් කියා සිටියා.