ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 204ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමගයි. දර්ගා නගරයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක් , කොළඹ 05 හේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක්, පැල්මඩුල්ලේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගලේවෙල පිදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්, හෝමාගම පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්, එලෙස
Month: December 2020
කෝටි 7 ක මත්කුඩු ගාලු මුහුදේ පාවෙයි
ගාලු ධීවර වරාය අසලදී සැක සහිතව අත් අඩංගුවට ගත් ධීවර යත්‍රාව තුළ තිබී හෙරෝයින් කිලෝ 1 යි ග්‍රෑම් 992ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 945ක් සොයාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කලා. අදාල ධීවර යාත්‍රාවේ පස් දෙනෙකු සිට තිබුණත් වැටලීම සිදුකරන අවස්ථාවේ එක් පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා.අත්
වී වලින් කොමිස් ගැසූ නිලධාරියාට කෙලවෙයි
රජයේ සේවකයන්ගේ අක්රමිකතාවන් අප සියළු දෙනාම බොහෝ සෙයින් දනී.එමෙන්ම නිකන්ම රජයේ ආයතනයකින් සේවයක් ලබා ගැනීමට යනවාට වඩා කීයක් හරි අතමිට මොලවාගෙන ගියහොත් කාටත් කලින් ඒමට පවා හැකියාවක් ලැබේ. කිලිනොච්චියේ වී මෙට්‍රික් ටොන් 30,000ක් විකිණීමේදී වංචනික ලෙස කටයුතු කල වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන්
සිලෝන් තව්හිද් ජමාත් බොරැල්ලේ විරෝධතාවයක
කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමට විරුද්ධව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය විසින් අද බොරැල්ල කනත්ත ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.පොලිස් නිලධාරීන් ඔවුන්ට උපදෙස් ලබා දී තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදෙශයන්ට අනුව එම උද්ඝෝෂණය පවත්වන ලෙසටයි.ඔවුන් කුඩා දරුවන් පවා මෙම උද්ඝෝෂණය සඳහා සහභාගී කරගෙන තිබූ බව වාර්තා වනවා.
කොරෝනා ආසාදිතයන් 43,000 පනී
අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 421ක් හඳුනාගෙන තිබෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබෙනවා.එම ආසාදිතයින් 421දෙනාත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,123ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙ වන විට කොරෝනා ආසාදනය වී සම්පූර්ණ සුවය ලබා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙන සංඛ්‍යාව 35,329ක් වේ.
අද දිනයේදී සමාජ මාධ්‍ය ගැන හදිසි අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ සිටින නයිජීරියානු ජාතිකයින් පිරිසක් විසින් සමාජ මාධ්‍ය වල ජාවාරමක් කරගෙන යන බවට හඳුනාගෙන ඇති බවත් අද දිනයේ විවිධ සමාජ ගිණුම් ඔස්සේ විවිධ පණිවුඩ ලැබෙනු ඇති බවත් ඒවා ව්‍යාජ ඒවා බවත් එවායෙන් ප්‍රවේසම් වන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලා. මෙම ජාවාරම් සම්බන්ධයෙන් මේ
කොරෝනා මරණ 200 ආසන්නයේ
මෙරටින් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ ඊයේ දිනයේ සිදුවූ මරණ 4ත් සමගයි.මෙසේ කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙන්නේ, කොළඹ 10 යේ 70 හැවිරිදි කාන්තාවක්, කොළොන්නාවේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 වේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මඩකලපුවේ පදිංචි 72 හැවිරිදි පිරිමි
විශේෂ සාකච්ඡා කිහිපයක් සඳහා මැතිවරණ කොමිසම රැස්වෙයි
ඡන්ද හිමි නාම ලේඛන කටයුතු සාකච්ඡා කිරීමට සහ තවත් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කලා. නව මැතිවරණ කොමිසම පත් වීමෙන් අනතුරුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව රැස්වන දෙවන දිනය අදයි.
මහව පොලීසියේ සැරයන්වරයෙකුට පිහි පහරක්
මහව නගරයේ සැක කටයුතු ලෙස සැරිසරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට යාමේදී එම සිව් දෙනාගෙන් එක් පුද්ගලයෙක් මහව පොලීසියේ සැරයන්වරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කලා. එම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ඔහු වැඩි දුරටත් පවසා සිටියා.
කොරෝනා ආසාදිතයන් 5ක් පැන යයි
වයස අවුරුදු 22ක් වන, 23ක් වන, 26ක් වන, 32ක් වන, 52ක් වන වයස් වල පසුවන කොරෝනා ආසාදිතයින් 5ක් ඊයේ පොලොන්නරුවේ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලා.