අ.පො.ස. සා.පෙළ  දින නියමයක් නොමැතිව කල් යයි

අ.පො.ස. සා.පෙළ දින නියමයක් නොමැතිව කල් යයි

2021-01-18 වන දින ආරම්භ කිරීමට තීරණය කර තිබුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දින නියමයකින් තොරව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තු සභාව අමතමින් කියා සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් 50%කට ආසන්න පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

කෙසේ වෙතත් සති දෙකෙන් දෙකට පවතින කොව්ඩ්-19 තත්ත්වය අධ්‍යයනය කර බලමින් විභාගය පැවැත්වීම තීරණය කරන බවත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සති 6කට පෙර දැනුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *