කොරෝනා වෛරසය සුව කිරීම සඳහා හරිම ඖෂධය සොයාගත්තේ තමන් බව පවසමින් ප්‍රසිද්ධියට පත් වුණු ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් ඔසුව පානය කර අහිතකර ප්‍රතිඵල අත්වුවහොත් ඒ පිළිබඳව කිසිදු වගකීමක් නොගන්නා බව ආයුවේද වෛද්‍ය සංගමය ප්‍රකාශ කර තිබෙනවා.
ධම්මික බණ්ඩාර මහතා ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් නොවන බවත් ඔහුගේ ඔසුවද ලියාපදිංචි කර නොමැති බවත් සඳහන් කරමින් එම සංගමය එසේ පවසා තිබුණා.
ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වන ඒලියන්ත් වයිට් මහතා සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් සඳහන් කර තිබුණේ ධම්මික පෙරේරා යනු වෘත්තියෙන් පෙදරේරුවෙකු බවත් හොර තක්කඩියෙකු බවත්ය.