මුල්ලේරියාව මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් 82 හැවිරිදි කොළඹ පදිංචි කාන්තාවක් කොරෝනා හේතුවෙන් මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කලා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 147ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම කාන්තාවගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ අධික රුධිර පීඩනය සහ කොරෝනා හේතුවෙන් ඇතිවූ නිව්මෝනියාව බවද තහවුරු වී තිබෙනවා.