සද්දන්තයෙකුට විදුලි සැර වදී මියයයි

සද්දන්තයෙකුට විදුලි සැර වදී මියයයි

වව්නියාව ඉරම්බයිකුලම්කුලම් ප්‍රදේශයේ වගා බිමක අවුරුදු 25ක් පමණ වයසැති වන අලියෙකු මියගොස් තිබෙනවා. මෙම වන අලියා මියගොස් දින ගනණාවක් ගතවී ඇති බවත් සිරුරෙන් ඇතිවූ අධික දුර්ගන්ධය නිසා එම සිරුර පුද්ගලයෙකු දැක ඕමන්ත පොලීසියට දැනුම් දී ඇති බවත් පොලීසිය විසින් එය වව්නියාව වනජීවී කාර්යාලයට දන්වා ඇති බවත් සඳහන් වනවා.

වනජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව විදුලි සැර වැදී එම අලියා මියගොස් ඇති බවට සැක පල කර තිබෙනවා.ඉන් අනතුරුව වනජීවී නිලධාරීන් එම අලියාගේ සිරුර වලදමා ඇති බවත් වාර්තා වනවා.කෙසේ වෙතත් එම විදුලි රැහැන් ඇදින ලද පුද්ගලයෙකු මෙතෙන් සොයාගෙන නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *