කොරෝනා පාලනයෙන් ගිලිහේ – PHI

කොරෝනා පාලනයෙන් ගිලිහේ – PHI

කොරෝනා වෛරසය මේ වන විට පාලනය කල නොහැකි තත්ත්වයකට පැමිණ ඇති බවත් මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි ආසාදිතයින් මේ වන විට රටපුරා වාර්තා වෙමින් පවතින බවත් PHI සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා නිවේදනය කර තිබෙනවා.

කොරෝනා සම්බන්ධයෙන් කොරෝනා මර්ධන බලකායෙන් හරි තීරණ ගත්තද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන ගැසට් නිවේදන ව්‍යාකූල බැවින් නිරෝධායන කටයුතුද ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔහු පවසා සිටියා.

කොරෝනා ව්‍යාප්තිය මෙම උත්සව සමයේ අවදානමක පවතින බවත් ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කලයුතු බවත් කොරෝනා අධි අවදානම් කලාපවලින් පුද්ගලයන් සංචරණය වැළැක්වීමට පියවර ගත යුතු බවත් ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම කොළඹ ප්‍රදේශය මෙම උත්සව සමයේ කොරෝනා ව්‍යාප්තියට වැඩි අවදානමක් ඇති බවටත් ඔහු පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *