බලන්ගොඩ ප්‍රදේශයේ කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා රැගෙන ගිය කොරෝනා ආසාදිත කාන්තාවක් ඔවුන් ප්‍රවාහනය කල බස් රථයෙන් එළියට විට කෙල ගැසීමෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ලං.ග.ම. බලන්ගොඩ ඩිපෝවේ රියදුරු මහතෙකු සහ ඔහුගේ පවුලේ සියළුම දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
කොළඹ සිට බලන්ගොඩ ප්‍රදේශයට මෙලෙස ආ බස් රථයෙන් අදාල කාන්තාව කෙළ ගැසූ පසු එම පුද්ගලයා 119 යන හදිසි ඇමතුම් අංකයට අමතා අදාල සිදුවීම දැන්වීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශ සේවකයින් පැමිණ එම රියදුරාගේ යතුරුපැදිය සහ එම ප්‍රදේශය විෂබීජහරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් පිට පලාත්වලින් මෙලෙස රැගෙන යන අයවලුන් විට කෙළ ගැසීම් විවිධ ද්‍රව්‍යයන් විසි කිරීම් සිදුකරන බවත් එනිසා කොරෝනා කාටත් නොදැනිම රට පුරා ව්‍යාප්ත වන බවත් මෙලෙස ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට කොරෝනා රෝගීන් ප්‍රවාහනය කිරීමේදී විධිමත් ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක කලයුතු බව බලන්ගොඩ ප්‍රදේශවාසීන් ආවේගශීලීව ප්‍රකාශ කර තිබෙනවා.