යතුරුපැදියේදී එලොව ගිය පිය පුතු

යතුරුපැදියේදී එලොව ගිය පිය පුතු

අද උදෑසන පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 32 හැවිරිදි පියා සහ අවුරුදු 4ක් වයසැති පුතණුවන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මව පියා සහ පුතා යතුරුපැදියෙන් පුතා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හැරලීමට යන අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.අනතුරින් බරපතල තුවාල ලැබූ පියා සහ පුතා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.මව තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.ඔවුන් ගමන් ගත් යතුරුපැදිය දෙකට කැඩී තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචි ව සිටි 32 හැවිරිදි ප්‍රදීප් උදය කුමාර මහතා සහ අවුරුදු 4ක් වයසැති ඔහුගේ පුතු වන සදෙව් අබිරාශ් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *