උණුසුම් පුවත් – ඇමති සබ්රිට විපක්‍ෂයට එක්වන ලෙස ආරාධනාකරයි

උණුසුම් පුවත් – ඇමති සබ්රිට විපක්‍ෂයට එක්වන ලෙස ආරාධනාකරයි

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට විපක්ෂයට එක්වන ලෙස ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කලා

මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීමට විරුද්ධව තමන් සමග එක්වන්නැයිද ඔහු ඉල්ලා සිටියා

අද ලෝකයේ රටවල් 184 ම කොරෝනා මෘත දේහයන් භූමදානය කරද්දි ශ්‍රී ලංකාවේ පමණක් ආදාහනය කරන්නේ මුස්ලිම් ජාතිකයන් සමග ඇති වෛරයක් හේතුවෙන් යයිද ඔහු සඳහන් කලා

එනිසා තම ජාතිකයන්ට සාධාරණයක් ඉටු කර දීමට අධිකරණ අමාත්‍යවරයාට නොහැකි නම් විපක්ෂය සමග එක්වන්නැයි ආරාධනා කරන බව ද ඔහු කියා සිටියා

කොරෝනා මෘත දේහයන් ආදාහනයට විරුද්ධව කොළඹදී පැවති විරෝධතාවයකදී ඔහු මෙම අදහස් පල කරන ලෙසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *