බ්‍රේකින්ග් නෙව්ස් පානදුර කර්මාන්ත ශාලාවකින් ආසාදිතයන් 80ක් කර්මාන්ත ශාලාවක් වසා දමයි
අමාත්‍ය සි බි රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා නුවරඑලිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මරුදපාණ්ඩි රමේෂ්වරන් සහ නිමල් පියතිස්ස යන මහත්වරුන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබුනා
ඒ, ඔවුන් සහභාගී වූ රැස්වීම්වලට කොරෝනා ආසාදිත වු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහභාගී විම හේතුවෙනුයි එම පිරිසට අමතරව නුවරඑළිය සහ කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරුන්ද ස්වයං නිරෝධායනයට යොමු කලා
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා එම නගර සභාවේ සේවකයින් 10 දෙනෙකු සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර යුතු බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම් ගනේෂ් මහතා පැවසුවා
ඉකුත් 17 දින මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පැවති රැුස්විමකටද ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහභාගී වී තිබෙන අතර එම රැස්වීමට සහභාගි වු නුවරඑලිය, කොටගල, අඹගමුව, නොර්වුඞ් හා මස්කෙලිය යන ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් ද ස්වයං නිරෝධානයට යොමු කිරීමට කටයුතුකර තිබුනා