උණුසුම් පුවත් – මෘත දේහ ශීතකරණ වල දාලා වැඩක් නෑ පැය 24න් භූමදානය කරන්න

උණුසුම් පුවත් – මෘත දේහ ශීතකරණ වල දාලා වැඩක් නෑ පැය 24න් භූමදානය කරන්න

මෝචරිවල හෝ අධිශීතකරණ වල මෘත දේහ දමා තබනවාට තමන් විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරනවා

ඔහු පෙන්වා දෙන්නේ ඉස්ලාම් ආගම අනුකූලව දේහයන් පැය විසිහතරක් ඇතුළත භූමදානය කළ යුතු බව

එමෙන්ම කොරෝනා ආසාදිත සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජාතිකයන්ට මූලික අයිතිවාසිකමක් වන භූමදානය ලබාදීමට නිසි ගෞරවය සහිතව රජය කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියා

ලෝකයේ සියලු රටවල් භූමදාන සඳහා ඉඩ දී තිබිය දී මෙරට ඇති ජාතිවාදී ආණ්ඩුව ඊට ඉඩ නොදෙන බවද ඔහු පැවසුවා

අධිකරණ අමාත්‍යවරයා සමාජ ජාලවල සටහන් තබමින් නොසිට ඊට එරෙහිව හඬ නැගිය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියා

කොරෝනා මෘතදේහ ආදාහනයට විරුද්ධව කොළඹදී පැවති විරෝධතාවයකදී ඔහු මෙම අදහස් පල කර තිබුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *