එන වර්ෂයේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්රී ලංකාවට විරුද්ධව ගෙන එන්නේ වගකීමෙන් මිදිය නොහැකි දරදඬු යෝජනාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා
එම සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පෙන්වා දෙන්නේ ශ්රී ලංකාව පිළිබඳ ගත යුතු ස්ථාවරය ගැන තම පක්ෂයේ යෝජනා හා අදහස් මාලාවක් විදේශීය රටවලට ඉදිරිපත් කරනව බව
ශ්රී ලංකාව පවසන ආකාරයට එම යෝජනා වලින් මිදීමට නොහැකි වනු ඇතැයිද ඔහු කියා සිටිනවා
යුද සමයේ සිදු වූ යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් මගින් දෙමළ ජනතාවට සිදු වූ අසාධාරණයේ වගකීමෙන් මිදී යාමට ශ්රී ලංකාවට කිසිලෙසකින් ඉඩ නොතබන බවද ඔහු සඳහන් කලා