කොරෝනා ආසාදිත මල සිරුරු භූමිදානය කිරීමෙන් එම සිරුරු වල තිබෙන ඕජස් ජල මූලාශ්‍රවලට එකතුවන බව මහාචාර්ය චන්ද්‍රා ජයසේන ඇතුළු උගතුන් පිරිසක් කරුණු පෙන්වා දෙනවා.
ඩෙන්මාර්කය තුළ කොරෝනා හේතුවෙන් මිය ගිය මුගටියන් මීට කලින් භූමිදානය කර තිබුණද මේ වන විට ඒවා ගොඩගෙන යළිත් පිළිස්සීමට දමා තිබෙන්නේ මෙම හේතුව නිසා බවද ඔවුන් කණ්ඩායම පෙන්වා දෙනවා.
මෙම විද්‍යාත්මක හේතුව නිසාම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මල සිරුරු භූමිදානයට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කල පෙත්සම් 11ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සියලු දෙනාගේම එකඟත්වයෙන් නිශ්ප්‍රභා කෙරිණි.
එවන් පසුබිමක අධිකරණ ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි අග්‍රාමාත්‍යවරයා එය නැවත සැලකිල්ලට ගෙන නිවැරදි කරන ලෙසට ශ්රෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට දන්වා තිබේ.
කෙසේ වෙතත් චන්ද්‍රා ජයසේන මහතා සඳහන් කරන්නේ මල සිරුර වලදමා කාලයක් යද්දී එය කුණු වී ගලන ඕජස් භූගත ජලයට එකතු වී ඉතා වේගයෙන් කොරෝනා වෛරසය පැතිර යන බවයි.එම හේතුව නිසා ඩෙන්මාර්කයේ මරා දමා වැලලූ මුගටි මළසිරුරු මිලියන 15ක් යළි ගොඩගෙන පුළුස්සා ඇති බවද ඔහු පෙන්වා දෙනවා.