උණුසුම් පුවත් – දුමින්දගේ කල්ක්‍රියාව හොදනම් නිදහස් කරනවා

උණුසුම් පුවත් – දුමින්දගේ කල්ක්‍රියාව හොදනම් නිදහස් කරනවා

බන්ධනාගාර ගතකර සිටින දුමින්ද සිල්වා ද යහපත් කල් ක්‍රියාවෙන් යුතු කාණ්ඩයට වැටෙන්නේ නම් ඔහුද නිදහස් කිරීමට සූදානම් බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසුවා

කෙසේ වෙතත් එක් එක් පුද්ගලයන් ඉලක්ක කරමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකරන බවද හෙතෙම පවසා සිටියා

දැනට බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන්ගේ යහපත් කල්ක්‍රියාව සලකා බලමින් සිදුකරන සමාලෝචනය වසර 20කින් පමණ ක්‍රියාත්මක වී නැති බවද ඔහු පැවසුවා

ඒ යටතේ මරණ දඬුවම හිමි සිරකරුවෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවමකටත් ජීවිතාන්තය දක්වා සිර කරුවකු වූ වසර විස්සක දඩුවමකටත් අඩු වන්නේ යයිද ඔහු සදහන්කලා

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

5 thoughts on “උණුසුම් පුවත් – දුමින්දගේ කල්ක්‍රියාව හොදනම් නිදහස් කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *