ගොස්සිප් – කොරෝනා ආසාධිත කාන්තාවක සමග අනියම්පෙම්සුව විදින්න ගිය 65 හැවරදි පුද්ගලයාගෙන් කප්පම් ගනී

ගොස්සිප් – කොරෝනා ආසාධිත කාන්තාවක සමග අනියම්පෙම්සුව විදින්න ගිය 65 හැවරදි පුද්ගලයාගෙන් කප්පම් ගනී

65 හැවිරිදි විශ්‍රාමික ගණකාධිකාරිවරයකු විසින් අනියම් ඇසුරක් සඳහා ලැඟුම්හලට කැඳවාගෙන ගිය තරුණිය කොවිඩ් රෝගියකු යැයි පවසා එම ආරංචිය ගණකාධිකාරිවරයාගේ බිරිඳට සහ ගමට පැතිරයෑම වැළැක්වීම සඳහා විස්කි බෝතල් 25 ක කප්පමක් ගත් පුද්ගලයා රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය නියෝග කිරීමට කටයුතු කළා
ඔහු අපරාධ පරීක්‍ෂණ නිලධාරියකු ලෙස ව්‍යාජව ලෙස පෙනී සිටි පුත්ගලයෙක්

ඇප නියම කිරීමට පෙර සැකකරු විස්කි කප්පම් සඳහා ලබාගත් රුපියල් ලක්‍ෂ 2 1/2 ක මුදල ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා විසින් නඩුවේ පැමිණිලිකරු වන ගණකාධිකාරි වෙත අධිකරණයේදී බාරදීමට කටයුතු කලා

ඇප නියම වූ සැකකරු වූයේ වේයන්ගොඩ ඉහළගම පාරේ පදිංචි ව්‍යාපාරික පුත්ගලයෙක්

සැකකරුට එරෙහිව කොච්චිකඩේ පොලිසිය විසින් ගොනුකරන ලද පැමිණිල්ලට අනුව කොච්චිකඩේ තෝප්පුව ප්‍රදේශයේ පදිංචි ගණකාධිකාරිවරයා ලාබාල තරුණියන්ට වැඩි ඇල්මක් දක්වන අයෙක්

ඔහු පසුගිය දිනක තහනම් ඇසුරක් සඳහා ලාබාල සුරූපී තරුණියක් කැඳවාගෙන සීදුව ප්‍රදේශයේ ලැඟුම්හලක් වෙත ගොස් තිබුනා

මෙම ගණකාධිකාරිවරයා නිතර නිතර ළාබාල තරුණියන් කැඳවාගෙන එම ලැඟුම්හලට පැමිණෙන බව ඇප ලැබූ සැකකරු සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු දැක තිබෙන අතර ඒ එක් අයෙකු වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියෙකු බවටයි වාර්තා වන්නේ

පසුව මෙම තිදෙනා සී. අයි. ඩී වෙස්ගෙන ගණකාධිකාරිවරයාගේ කොච්චිකඩේ තෝප්පුවේ නිවසට ගොස් එහිදී ඔවුන් සී. අයි. ඩී. නිලධාරීන් බව පවසා තිබෙනවා

ඔවුන් විසින් ගණකාධිකාරිවරයාට පවසා ඇත්තේ ගණකාධිකාරිවරයා පසුගිය සතියේ ඇසුර සඳහා කැඳවාගෙන ගිය තරුණිය කොවිඩ් ආසාදිත තරුණියක් බව

ඇය සමඟ ඇසුරු කළ ගණකාධිකාරිවරයාද නිරෝධායනයට ලක්කළ යුතු බැවින් ඔවුන් සමඟ නිරෝධායන කඳවුරට යෑමට සූදානම් වන ලෙසද පවසා තිබෙනවා
නිවසේ විවාහක බිරිඳ සිටීමත් තම වයස සැලකිල්ලට ගත් ගණකාධිකාරිවරයා මෙම ප්‍රශ්නය ගොඩින් විසඳාගැනීම සඳහා යෝජනා කරඇති අතර එහිදී ව්‍යාජ සී.අයි.ඩී නිලධාරීන් විසින් ඒ සඳහා විස්කි බෝතල් 25 ක් ඉල්ලීමට කටයුතු කර තිබුනා

ගණකාධිකාරිවරයා ඔවුනට විස්කි මිලදී ගැනීමට රුපියල් ලක්‍ෂ 2 1/2 ක් ලබාදීමට කටයුතුකර තිබුනා

පසුව තමා වංචාවකට හසුවූ බව ඒත්තුයෑම නිසා ගණකාධිකාරවරයා මේ බව කොච්චිකඩේ පොලිසියට පැමිණිලිකර ඇති බවයි

මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකළ මීගමුව අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක රාජකරුණා මහතා මෙම නඩුවට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා රිමාන්ඩ් භාරයට පත්කොට කිරීමට කටයුතුකලා

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරු විසින් මෙම නඩුවේ පැමිණිලිකරුට ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා මගින් විස්කි සඳහා කප්පම් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 2 1/2 ආපසු ලබාදීමට කටයුතුකලා

සැකකරුට රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප හිමිවුනා

අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක වනවා

කොච්චිකඬේ පොලිසිය පැමිණිල්ල මෙහෙය වනු ලැබ අතර විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා පෙනී සිටියා

දිවයින – මීගමුව සමූහ – විමල් කීර්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *