දිස්ත්රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම පාලනය සඳහා එළැඹෙන නත්තල් සමයේ සහ නව අවුරුදු සමයේ දිස්ත්රික් අතර සංචරණ සීමා යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව PHI සංගමය සඳහන් කර තිබෙනවා.
පවතින වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පලාතේ මෙන්ම වෙනත් පලාත්වල සේවය කරන විශාල පිරිසක් තම ගම්වලට යාමට සැරසෙන බවත් එසේ වුවහොත් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට නොහැකි වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.