මියගිය දින 21 දරුවාට කොරෝනා නැතිද?  දෙමාපියන් අධිකරණයේ පිහිට පතයි

මියගිය දින 21 දරුවාට කොරෝනා නැතිද? දෙමාපියන් අධිකරණයේ පිහිට පතයි

කොරෝනා ආසාදනය වී මියගියා යැයි කියන මට්ටක්කුලිය ප්‍රදේශයේ දින 21ක් වයසැති බිළිඳාගේ මරණය සැක සහිත බව පවසමින් එම බිළිඳාගේ දෙමාපියන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම සිදුවීමේදී කොරෝනා ආසාදනය වූ බවට කිසිදු ලේඛනයක් තමන් දෙපලට නොදුන් බවත් අදාල බිළිඳාගේ පී.සී.ආර්. පරීක්ෂාවවත් තමන්ට ලබා නොදුන් බවට දරුවාගේ මව සහ පියා චෝදනා කරනවා.

දරුවාට දින 21ක්ව තිබියදී උණ තත්ත්වයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවාට එහිදී ප්‍රතිකාර සිදුකල බවත් දරුවා හදිසියේම මිය ගිය පසු දරුවා මියගියේ කොරෝනා ආසාදනය වී නිසා යැයි පැවසූ බවත් දෙමාපියන් සඳහන් කර තිබෙනවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා යන සියළුම දෙනාගේ නම් පෙත්සමට ඇතුලත් කර තිබෙන බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *