කොරෝනා ආසාදිත මල සිරුරක් රහසේම පන්නයි , රටම අමාරුවකද ?

කොරෝනා ආසාදිත මල සිරුරක් රහසේම පන්නයි , රටම අමාරුවකද ?

කොරෝනා වෛරසය වැළඳී තිබියදී මළ සිරුරක් නිදහස් කිරීමක් සම්බන්ධයෙන් තමන් වහන්සේට ලිපියක් ලැබී තිබෙන බව පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් සඳහන් කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් ජනපති සහ සෞඛ්‍ය ඇමතිනිය විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි තමන් වහන්සේ විශ්වාස කරන බවද උන් වහන්සේ සඳහන් කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල 69 හැවිරිදි කාන්තාවක් එහිදී සිදුකල PCR පරීක්ෂණයකින් කොරෝනා පොසිටිව් වීමෙන් අනතුරුව අංගොඩ IDH රෝහලට මාරු කර යවා තිබෙන අතර දින කිහිපයකට පසුව ඇයගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව සඳහන් කර ඇයව නැවතත් කොළඹ ජාතික රෝහලට යවා තිබෙන අතර එහිදී ඇය යළි නිවස කරා පිටත් කර හැර තිබෙනවා.

නිවසට ගොස් දිනයක් ගතවන්නටත් පෙර නිවසේදී ඇය ඉන් පසුව මිය යන අතර ඇයගේ මළ සිරුරෙන් කල PCR පරීක්ෂාවේදී ඇයට පැහැදිලිවම කොරෝනා positive බව වාර්තාවේ සඳහන් බවත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියකින් එම මළ සිරුර මුදා හැර තිබෙන බවත් උන් වහන්සේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම එම මළ සිරුර භූමිදානය කර තිබෙන්නේනම් තවත් විනාශයක් අත ලඟ බව උන් වහන්සේ පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *