කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට දීමට විරුද්ධ ව තමන් වහන්සේ ඇතුළු සංවිධාන දැඩිව විරුද්ධ මතයක සිටින බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් සදන් කරනවා
මෙම වරාය ජාතික සම්පතක් බවත් ඉදිරි පරම්පරාවට තිබිය යුතු බවත් තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් කිහිපනමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දැඩිව අවධාරණය කළ බව ද උන්වහන්සේ පවසා සිටියා
ඔනැම ආණ්ඩුවක් ජාතික සම්පත් විකිණීමට කටයුතු කරන්නේ නම් ඊට දැඩි විරෝදය පල කරන බවද උන් වහන්සේ කියා සිටියා
සිය විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් එහිමියේ මෙම අදහස් පලකර තිබුනා