උණුසුම් පුවත් – ලක්ෂ 50ක් පමණ වටිනා අයිස් සමඟ මාට්ට්ටු වූ සැකකරු මීටපෙරත් හොද හොද ගේම් දීලා

උණුසුම් පුවත් – ලක්ෂ 50ක් පමණ වටිනා අයිස් සමඟ මාට්ට්ටු වූ සැකකරු මීටපෙරත් හොද හොද ගේම් දීලා

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ තොගයක් සමඟ සැකකරුවෙක් අද (26) අත්අඩංගුවට ගෙන තිබුනා

ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පල්ලම, මදවක්කුලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 50 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා උනේඅ

පාලවිය ගුවන් හමුදා බුද්ධි ඒකකයේ නිළධාරින් උපාය දුතයින් යොදවා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක ප්‍රමාණයක් මිලදිගැනීමට යන මුවාවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුනා

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර තාරකා ඉබ්බන් විදේශ රටවලට යැවිමේ ජාවාරමක් මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇත්තේ

මීට අමතරව සැකකරු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට නීති විරෝධී ලෙස කහ සහ කේරල ගංජා ගෙන්වීම, මෙරට රත්‍රං ඉන්දියාවට යැවීමේ ජාවාරම් රැසකට ද චෝදනා ලැබූ අයෙක්

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් මත කොළඹ සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාශය ඇඹිලිපිටිය තුංකම ප්‍රදේශයේදී ගිනි අවි සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනා

ඇඹිලිපිටිය සහ ඒ අවට ප්‍රදේශයන්ට පතාල ක්‍රියාකාරකම් සඳහා මුදලට අවි ආයුධ විකුණු පුද්ගලයෙකු සහ ඒවා ලඟ තබා ගත් අයෙකු මෙම වැටලීමේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර මොවුන් ලඟ තිබී ටී 56 ගිනි අවි 02ක්, බෝර 12 තුවක්කුවක්, කඩු 02ක් සහ උණ්ඩ කිහිපයක් ද සොයාගෙන තිබුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *