ධම්මික පැණිය ගෙන තමන් කතා කරන්නවත් කැමති නැතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවා
ජනතාව දැනුවත් වන්නේ ධනාත්මක පණිවිඩයක් දීමෙන් බවද ඇය කියා සිටියා
කොරෝනා පාලනය යොදා ගන්නා ඖෂධ හෝ එන්නත් නිසි පරිදි සායනික පරීක්ෂාවකින් තහවුරු විය යුතු බවද පවසන ඇය එසේ නොවුණහොත් අහිතකර ප්‍රතිඵල අත්විය හැකි බව ද පැවසුවා
ආයුර්වේදය අනුව ධම්මික පැණියට අනුමැතිය ලැබුණු බව පැවසුවද ආයුර්වේදයේ දේවල් ගැන තමන්ගෙ නොවිමසන ලෙස ද ඇය කියා සිටියා
අපි අනුමැතිය දුන්නේ නෑ ඔය පැණිය ගැන කතා කිරීම දැන් කල් ඉකුත් වෙලා තියෙන්නේ යයි ඇය කියා සිටියා
කාලි මෑණියන්ට ලෙඩ සුව කිරීමට හැකි යැයි පැවසීම සංස්කෘතික විශ්වාසයක් බවත් ඒවා සමග ගැටෙන්නට තමන් කැමති නැති වුව ද වෛද්‍ය විද්‍යාවට අනුව විද්‍යානුකූල පදනම මත පිහිටා තොරතුරු තමන් ලබා දෙන බවද ඇය තව දුරටත් කියා සිටියා